2022 අගෝස්තු 14 වන ඉරිදා

අමෙරිකා අභ්‍යාවකාශ බලකායට සුනඛයන් !

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 72

ප්‍රථම වතාවට සුනඛයන් හැඩැති ‘රොබෝ‘ යන්ත්‍ර එක්සත් ජනපද කේප් කැනවෙරල් අභ්‍යවකාශ බලකා මධ්‍යස්ථානයේ මුර සංචාරයේ යෙදවීමට  යයි. මේ සඳහා අභ්‍යවකාශ බලකාය සුනඛයන් වැනි පාද හතරක් ඇති මිනිසුන් රහිතව පාලනය වන ගොඩබිම් වාහනයක් යොදාගෙන ඇත. මෙම රොබෝ සුනඛයන් ස්වයංක්‍රීයව හෝ මිනිස් පාලකයෙකු විසින් ක්‍රියාත්මක කළ හැකිය.

මේ රොබෝ සුනඛයකුගේ බර රාත්තල් 112 (කිලෝ ග්‍රෑම් 51) කි. එහි උපරිම වේගය පැයට සැතපුම් 6.7 (3 m/s) කි. එයට යා හැකි උපරිම දුර සැතපුම් 6.2 (10km) කි. පැය 3ක  උපරිම බල ධාවන කාලයක් සහිතය. රාත්තල් 22 (කිලෝග්‍රෑම් 10)ක උපරිම බරක් රැගෙන ගිය හැකිය. අවශ්‍ය තැනට ප්‍රවාහනය කරගත් පසු එය එකලස් කිරීමට ගතවන කාලය විනාඩි 15 කි. මේ සුනඛයන් වැනි රොබෝවරුන් ඔවුන්ගේ මිලිටරි භාවිතය හැරැණු විට, හදිසි අවස්ථාවන්හි ගලවා ගැනීම් කටයුතු සහ කාර්මික ස්ථානවල පරීක්ෂා කිරීම්වලදී  භාවිත කළ හැකිය.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00