මිලියන 22කට අධික කෙන්යානුවන් පිරිසක් ජනාධිපති උහුරු කෙන්යාටාගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීම සඳහා වූ තීරණාත්මක මැතිවරණයකට මුහුණ දී සිටිති. වත්මන් නියෝජ්‍ය ජනාධිපති විලියම් රූටෝ සහ පස්වැනි වතාවටත් ජනාධිපතිවරණයකට තරඟ වදිමින් වාර්තාවක් තබන රයිලා ඔඩිංගා අතර ඡන්ද සටන කරට කර සටනක්ව ඇති බව වාර්තා වේ.
මේ නිසා බොහෝ දුරට රටේ මුල්වරට මෙවර දෙවැනි වටයේ ඡන්ද විමසිමකට යාමට සිදුවිය හැකි බව සැක කෙරේ. ජනාධිපති අපේක්ෂකයින්ට නැවත දෙවන වටයේ ඡන්ද විමසීමක් වළක්වා ගැනීම සඳහා රටේ ප්‍රාන්ත 47න් අඩකට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් මෙන්ම සියයට 25කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් අවශ්‍ය වේ. සති දෙකක් තුළ මෙහි ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතය.