යුරෝපීය සංගමයේ සහ එක්සත් රාජධානියේ භුමියෙන් සියයට 60ක් නියඟයකට මුහුණ දිය හැකි බවට අනතුරු ඇඟවීමක් දැන් නිකුත්ව තිබේ. ඒ භුමි ප්‍රමාණය ඇලස්කාව සහ ටෙක්සාස් ප්‍රාන්තය ඒකාබද්ධ සැලකුවිට ලැබෙන ප්‍රදේශයට වඩා විශාල ප්‍රදේශයකි. ඒ අනුව මෙම ගිම්හානයේදී යුරෝපා සංගමයෙන් අඩකට වැඩි ප්‍රදේශයක් නියං තර්ජනයට ලක්වනු ඇති බව වාර්තාවේ.
මේ ප්‍රකාශය පදනම් වී ඇත්තේ ජූලි මස අවසානයට ආසන්න දින 10ක කාලයක ලද දත්ත මතය. මෙම සොයාගැනීම් පෙන්වා දෙන්නේ දැනටමත් භූමියෙන් 45%ක පසෙහි තෙතමනයේ හිඟයක් පවතින බවත්, ඉතිරි 15%ක භුමි ප්‍රමාණය තුළ වෘක්ෂලතාදිය ආතතියට ලක්ව ඇති බවත්ය. මේ දත්ත නිකුත් කර ඇත්තේ යුරෝපා දේශගුණ නිරීක්ෂණයේ යෙදෙන කොපර්නිකස් මධ්‍යස්ථානයයි. යුරෝපය සාමාන්‍යෙයන් ජූලි මස පවතින තත්ත්වයට වඩා බොහෝ වියළි කාලගුණයක් මේ වනවිට අත්විඳ ඇති බව කොපර්නිකස් ඒජන්සිය පවසයි.