2022 අගෝස්තු 21 වන ඉරිදා

ලූලා නැවතත් බ්‍රසීලයට !

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 161

බ්‍රසීලයේ හිටපු වාමාංශික ජනාධිපති ලූලා ඩා සිල්වා අන්ත දක්ෂිණාංශික වත්මන් ජනාධිපති බොල්සෝනාරෝට වඩා ඉලක්කම් බොහෝ  ගණනකින් ඉදිරියෙන් සිටින බව නව මත විමසුමකින් පෙන්නුම් කර ඇත.

මේ වනවිට දශක කිහිපයකින් පසු දැඩි තරගකාරී, වඩාත්ම ධ්‍රැවීකරණය වූ ජනාධිපතිවරණ ව්‍යාපාරයක් රටේ ආරම්භ වී ඇත. 67 හැවිරිදි බොල්සොනාරෝ සිය මැතිවරණ ව්‍යාපාරය නැවත දියත් කළේ ගියවර 2018 මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රහාරකයෙකු පිහියෙන් ඇන ඔහුව මරා දැමීමට තැත්කළ කුඩා ගිනිකොන දිග නගරය වන ජුයිස් ඩි ෆෝරා හි රුලියක් පවත්වමිනි.

මේ අතර, 76 හැවිරිදි ලූලා, වෘත්තීය සමිති නායකයෙකු ලෙස සිය දේශපාලන ජීවිතය  ආරම්භ කළ සාවෝ පාවුලෝ ප්‍රාන්තයේ කාර්මික කේන්ද්‍රස්ථානයේ Sao Bernardo do Campo හි Volkswagen කම්හලකට පැමිණීමෙන් ජනාධිපති ධූරය සඳහා වූ ඔහුගේ සටන ආරම්භ කළේය.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00