2022 අගෝස්තු 21 වන ඉරිදා

මියන්මාරයේ හමුදා ප්‍රධානියා පිස්සු නටයි !

 2022 අගෝස්තු 21 වන ඉරිදා, පෙ.ව. 08:00 47

මියන්මාරයේ හමුදා ආණ්ඩුවේ ප්‍රධානී මින් අවුන්ග් හ්ලේං, රටපුරා නැගී එන ප්‍රතිරෝධය යටපත් කිරීමට අපොහොසත්ව තවදුරටත් බලයේ එල්ලී සිටීමට, සිය රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් සහ හමුදා නිලධාරීන් නෙරපා හැරීමට සහ ව්‍යාපාරික ගජමිතුරන් ඉවක් බවක් නැතිව ඉවත් කිරීමට යොමු වෙමින් සිටී. නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ ප්‍රධානීන් ඔවුන්ගේ තනතුරු අහිමි වූවන් අතර වේ.

දේශසීමාවේ ජනවාර්ගික සන්නද්ධ කණ්ඩායම්, කැරලිකාර ජනතාවක් සහ ආර්ථික අර්බුදය මැද සිය තනතුර තහවුරු කර ගැනීමට මින් අවුන් හ්ලේං කටයුතු කරමින් සිටියි.  ජුලි 25 දින, ක්‍රියාකාරීන් හතර දෙනකු ඝාතනයට ලක්කළේ ලොවපුරා කෝපය අවුලුවාලමිනි. මියන්මාරයේ හිටපු නෙදර්ලන්ත තානාපතිවරයා කියා තිබුණේ, මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් හමුදා රජය තමන්ගේම කොන්දේසි මත යැපෙනු මිස මියන්මාරයේ අනාගතය පිළිබඳ කිසිදු සංවාදයක් සඳහා එළැඹීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.