2022 අගෝස්තු 28 වන ඉරිදා

දෙවනි සඳ ගමනේ මුල් පියවර ඇර‌ඹේ !

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 50

ඇපොලෝ සඳ යුගය නිමාවූයේ මෙයට අඩ සියවසකට පෙරය. මිනිසා සඳ වෙත ගෙන යන දෙවැනි ගමනේ ආරම්භක පරීක්ෂණ ගමන Artemis 1-(ආටෙමිස්1) මේ 29දා සඳ වෙත යාමට නියමිතය. ආටෙමිස් I යනු මිනිසාට සඳ සහ අඟහරු ගවේෂණ කිරීමට හැකි වන සංකීර්ණ වූ මෙහෙයුම් මාලාවක පළමුවැන්නයි.

එය NASA හි නව චන්ද්‍ර තරණ Artemis වැඩසටහන සඳහා සැලසුම් කරන ලද මිනිස් කාර්ය මණ්ඩලයකින් තොර මුල්ම පරීක්ෂණ ගමනයි. එසේම මෙම ගමන යෝධ SLS රොකට් වාහනයේ, (Giant SLS Rocket) පළමු පියාසැරිය සහ සම්පූර්ණ ඔරියන් අභ්‍යවකාශ යානයේද පළමු පියාසැරියයි. සඳ වෙත යන්නට මුල් පියවර නැගෙන මේ අභ්‍යවකාශ පර් යේෂණ ගමනට ගත කරන්නට යන කාලය දින 26-42 අතර වනු ඇත. මෙහිදී රොකටයෙන් වෙන්වන ඔරියන් යානය සඳ මතුපිටට ඉතා ආසන්නව ගමන් කර එය වටා ගොස් ඈත අභ්‍යවකාශය වෙතට යන තවත් සැතපූම් 40,000ක් ද ඇතුළුව, සැතපුම් මිලියන 1.3ක් පමණ පියාසර කරනු ඇත. ගුවන්ගත වීමෙන් දින හතළිස් දෙකකට පසු එම කැප්සියුලය පැසිෆික් සාගරය මත පතිත වන්නට නියමිතය.

ඔරියන් තුළ මිනිසුන් ගමන් නොකරන අතර ජීව විද්‍යා පර් යේෂණ සඳහාද ආධාර වන කුඩා කියුබ්සැට් චන්ද්‍රිකා 10ක් ද හෙල්ගා සහ සෝහාර් නමැති ''ෆැන්ටම්'' නිරූපිතයන් 2ක්ද මානවරූපී ඩමියක්ද ගමන් ගනියි. ආටෙමිස් I හි ශුන්‍ය ගුරුත්වාකර්ෂණ දර්ශකය ලෙස කාටුන් චරිතයක් වන Snoopy රූකඩය ගමන් කරනු ඇත. මේ සියල්ල මගින් අභ්‍යවකාශයේ මිනිසුන්ට ජීවත් වීමට අවශ්‍ය වටාපිටාව සැකසීමට අවශ්‍ය දත්ත ස්කිරීමට නියමිතය.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00