තායිලන්ත අගමැති Prayuth Chan-ochaට එරෙහිව බලවත් විරොධාතක් පැන නැගී ඇත. ඔහු සිය ව්‍යවස්ථාපිත කාල සීමාවට පැමිණ ඇති බවත් වහාම ඉල්ලා අස්විය යුතු බවත් විරෝධතාකරුවෝ පවසති. දිගටම පවතින විරෝධතා අතර අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕචාට ධුරයේ රැඳී සිටීමට ඇති අයිතිය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමක් විභාගයට ගන්නේද යන්න තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීරණය කිරීමට නියමිතව තිබේ.
ප්‍රධාන විරුද්ධ පක්ෂය සහ බොහෝ තායිලන්ත ජාතිකයින් විශ්වාස කරන්නේ 2014 කුමන්ත්‍රණයකින් බලයට පත් ප්‍රයුත් වහාම ඉල්ලා අස්විය යුතු බවයි, මන්ද එරට ව්‍යවස්ථාව අගමැතිවරුන්ගේ ධුර කාලය වසර අටකට සීමා කර ඇති බැවිනි. ඔවුන් පවසන්නේ ප්‍රයුත්ගේ අට වසර බදාදා අවසන් වූ බවයි. නමුත් ප්‍රයුත්ගේ ආධාරකරුවන් තර්ක කරන්නේ ඔහුගේ ධුර කාලය පිළිබඳ ගණන් බැලීම 2014න් පසුව ආරම්භ කළ යුතු බවයි. අගමැතිවරයාගේ ධුර කාලය සීමා කිරීමේ විධිවිධාන අඩංගු වත්මන් ව්‍යවස්ථාව 2017 අප්‍රේල් 6 වැනිදා සිට ක්‍රියාත්මක වූ බවත් එය ධුර කාලය ගණනය සඳහා ආරම්භක දිනය ලෙස භාවිත කළ යුතු බවත් ඔවුහු පවසති. ඔහුගේ අඛණ්ඩ ධූර කාලයට අනුග්‍රහය දක්වන තවත් අර්ථකථනයක් නම්, මහ මැතිවරණයකින් පසු නව ව්‍යවස්ථාව යටතේ ප්‍රයුත් බලයට පත් වූ 2019 ජූනි 9 වැනි දින සිට දින ගණන් කිරීම ආරම්භ කළ යුතු බවයි. කෙසේ වුවද ඔහු ලබන වසර වනවිට නව මැතිවරණයක් කැඳවිය යුතුව ඇත.