2022 අගෝස්තු 28 වන ඉරිදා

ලෝකේ වටේ තනිව පියෑඹූ ලාබාලයා !

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 93

ලොව වටා තනිව පියාසර කළ ලාබාලතම පුද්ගලයා වීමට 17 හැවිරිදි තරුණයෙකු සමත්විය. බ්‍රිතාන්‍ය-බෙල්ජියම් ජාතික මැක් රදර්ෆර්ඩ් කුඩා ගුවන් යානයකින් මාර්තු 23 වැනි දින ඇරඹූ සිය වාර්තාගත සවාරිය පසුගිය බදාදා නිමා කළේය. එය ගිනස් ලෝක වාර්තාවකි.

රදර්ෆර්ඩ්ගේ වෙබ් අඩවියට අනුව ඔහු, විශේෂයෙන් සකස් කරන ලද අල්ට්‍රාලයිට් ෂාක් ගුවන් යානයකින් මහාද්වීප පහක රටවල් 52ක් පුරා ගමන් කර ඇත. ඔහු මුලින්ම ගමන ආරම්භ කළේ ඔහුට වයස අවුරුදු 16 දී ය.

ඔහු තනිව ලොව වටා පියාසර කළ ලාබාලතම පුද්ගලයා සහ මයික්‍රොලයිට් ගුවන් යානයකින් එසේ කළ ලාබාලතම පුද්ගලයා ලෙස මීට පෙර ඔහුගේ වැඩිමහල් සොහොයුරිය වන සාරා රදර්ෆර්ඩ් විසින් තබා තිබූ ලෝක වාර්තා දෙකක් බිඳ දැමූ බව ගිනස් වෙබ් අඩවිය පවසයි. රදෆර්ඩ් ඔහුගේ ගුවන් නියමු බලපත්‍රය ලබන විට යන්තම් වයස අවුරුදු 15 කි.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00