බලගතු ෂියා ආගමික නායක මුක්තාඩා අල්-සදර් ඉරාක දේශපාලනයෙන් ඉල්ලා අස්වන බව සඳුදා ප්‍රකාශ කිරීමෙන් පසුව රට තුළ ආරම්භ වූයේ ප්‍රචණ්ඩතත්ත්වයකි. අල්-සදර් හිතවාදීන් සහ ප්‍රතිවාදී කල්ලි මෙන්ම ඉරාක හමුදා අතර සටන් ඇවිලී ගියේය. අගනගරය බැග්ඩෑඩ්හි දැඩි බලකොටු සහිත හරිත කලාපයේ හටගත් ප්‍රචණ්ඩ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. පත්විය. මේ අතර ප්‍රබල ඉරාක නායක මුක්තාඩා අල්-සදර් තමන් මෙම ''ප්‍රචණ්ඩත්වය සහ ආයුධ භාවිතය'' අවසන් වනතෙක් උපවාසයක නිරත වන බවද ප්‍රකාශ කර තිබුණි.