2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

අවුරුදු තුනේ ක්‍රිකට් තරුව!

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 53

ලෝකයේ ලාබාලම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ක්‍රිකට් කඩුල්ලකට වඩා යන්තම් උස එංගලන්තයේ කොරේ ඇඩම්ස් දැක්විය හැකිය. යන්තම් අවුරැදු තුනක් වන ඔහු සිය    වයසින් තුන් ගුණයකට වඩා වැඩි ක්‍රීඩකයන්ට එරෙහිව පැවැති තරඟයකදී එම ක්‍රීඩකයින් දවාලන්නටද සමත් විය. ඔහු ඇවිදීමට පෙර එනම් වයස මාස 12 සිට ක්‍රිකට් ක්‍රීඩා කරයි. උදෑසන 5:30ට තම දෙමාපියන් නිතිපතා අවදි කරවන්නේ උදෑසන පුහුණුවීම් සඳහා යාමටය.

තවමත් මොන්ටිසෝරියට සහභාගී වීමට තරම්වත් වයසක් නොමැති මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා දැනටමත් වයස අවුරුදු 11න් පහළ තරගයක් සඳහා ඉදිරිපත්ව ඇත. එම ගැටුමේදී ඔහු ලකුණු 3කට කඩුලු 2ක් දවාගත් අතර නොදැවී ලකුණු 12ක් ලබා සිටියේය. ඔහු වයසින් බාල වැඩි නිසා තවමත් නිත්‍ය කණ්ඩායමක් සඳහා ක්‍රීඩා නොකරයි. නමුත් ඔහුගේ පියාගේ ග්ලොස්ටෂයරයේ ශාන්ත බ්‍රයන්ස් සමාජ ශාලාවේ පුහුණු ක්‍රීඩා තරගවලදී එක් වේ.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00