ඉතිහාසයේ දරුණුතම ගංවතුරක් පාකිස්තානයෙන් තුනෙන් එකක්ම යටකර හමාරය. අක්කර මිලියන ගණනක භෝග ජලයෙන් වැසීගොස් ලක්ෂ සංඛ්‍යාත පශු සම්පත් විනාශ වී ආහාර හිඟයකට මඟපාදා තිබේ. මිලියන ගණනක් රෝගාබාධවලට ගොදුරුවීමේ අවදානමක් ඇති කරමින්, බෝවන රෝගවල වැඩිවීමක් ගැන මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ආධාර ආයතන අනතුරු අඟවා තිබේ.
පාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරියට (NDMA) අනුව, ජූනි මැද සිට ගංවතුරෙන් 1,100 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, ඔවුන්ගෙන් 400 කට ආසන්න සංඛ්‍යාවක් ළමයින්ය. මිලියන ගණනක් අවතැන් වී සිටිති.
පාකිස්තානයේ මෝසම් සමය සාමාන්‍යයෙන් අධික වර්ෂාපතනයක් ගෙන එයි. නමුත් පාකිස්තාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව 1961 වාර්තා ආරම්භ වූදා සිට මේ වසරක් තුළ වාර්තාගත ඉහළම අගයයි. ධාරානිපාත මෝසම් වර්ෂාපතනය වෙනදාට වඩා 10 ගුණයකින් අධික වී ඇත. ඉන්දු ගඟ පිටාර ගැලීමට හේතු වී ඇති අතර, අගෝස්තු 30 වැනි දින ESAහි පින්තූරවලට අනුව කිලෝමීටර් දස දහස් ගණනක් පළල දිගු විලක් නිර්මාණය වී ඇත. දකුණු සින්ද් සහ බලුකිස්තාන් පළාත්වල වර්ෂාපතනය සාමාන්‍යයට වඩා 500% වැඩි වී ඇති අතර, එය මුළු ගම්මාන සහ ගොවිබිම් ගිල ගනිමින්, ගොඩනැගිලි විනාශ කර සහ බෝග අතුගා දමා ඇත.
පකිස්ථානය ලෝකයේ ග්‍රහලෝක උණුසුම් කරන වායූන්ගෙන් 1% කට වඩා අඩු ප්‍රමාණයකට වගකිව යුතු බව යුරෝපීය සංගමයේ දත්ත පෙන්වා දෙයි, නමුත් ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයට අනුව එය දේශගුණික අර්බුදයට වඩාත්ම අවදානමට ලක්විය හැකි අටවන රට වේ.