2022 සැප්තැම්බර් 11 වන ඉරිදා

ලොව දිගම එළිමහන් දුවන පඩිපෙළ!

 2022 සැප්තැම්බර් 11 වන ඉරිදා, පෙ.ව. 08:00 189

ලොව දිගම එළිමහන් එස්කැලේටර් පද්ධතිය හෙවත් දුවන පඩිපෙළ හොංකොංහි මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයෙදී දැකගත හැකිය. මධ්‍යම මට්ටමේ මේ එස්කැලේටරය චලනය වන පඩිපෙළ සහිත මීටර් 800ක් දිග දාමයකි. දැන් එය ලොව දිගම එළිමහන් එස්කැලේටර් පද්ධතිය ලෙස නම් කර ඇත.

ඩොලර් මිලියන 30ක වියදමින් ඉදිකරන ලද එය උඩ - යට ආපසු හැරවිය හැකි එස්කැලේටර් 16 කින් සමන්විත වේ. මේ සියල්ල හදිසි වර්ෂාවෙන් ආරක්ෂා වීමට ආවරණය කර ඇත. කාර්යබහුල වීදි 13ක් ඡේදනය වන පරිදි නිර් මිත මෙය තත්ත්පරයට මීටර් 0.65 ක පමණ වේගයකින් ධාවනය වෙයි. මෙම  එස්කැලේටර් ජාලයට කැමරා 75 කින් යුත් තමන්ගේම CCTV පද්ධතියක්, ස්පීකර් 200 කින් යුත් ඇමතුම් පද්ධතියක්, LED සංදර්ශක හතරක් සහ පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම සඳහා පාලන මැදිරියක් ඇත. වඩාත්ම වැදගත් දෙය නම්, කිසිම අය කිරීමක් රහිතව එය දිනපතා පදික සංචාර 78,000ක් සඳහා සේවා සපයන තදබදයෙන් තොර මාර්ගයක් වීමය.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00