2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

කේම්බ්‍රිජ් සරසවියේ අඟල් 3හි පොත් එකතුව!

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 106

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය විසින් හෙළි නොකළ මුදලකට කුඩා පොත් 38ක් අඩංගු සපත්තු පෙට්ටියක ප්‍රමාණයේ 19 වැනි සියවසේ ‘සංචාරක පුස්තකාලය’ ක් මිලදී ගෙන ඇත.

දැන් මේ ‘සංචාරක පුස්තකාලය’ විශ්වවිද්‍යාල එකතුවකට එකතු කර ඇති අතර එහි සෙන්ටිමීටර 9ක් දිග (අඟල් 3.5) ප්‍රංශ පොත් අඩංගු වේ.

එය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල පුස්තකාලයේ දුර්ලභ පොත් විශේෂඥ ලියම් සිම්ස් විසින් මේ වනවිට භාවිත වන ඊ-පොත් කියවනයන්ට අනුව යමින් මෙය ‘Victorian Kindle’ ලෙස විස්තර කර ඇත.

ඓතිහාසික වශයෙන්, මිනිසුන් අශ්ව කරත්ත මගින් දිගු ගමන් ගිය අතර ඒ ගමන් මග අතර යම් ආකාරයක විනෝදාස්වාදයක් අවශ්‍ය විය.

මෙබඳු සංචාරක පුස්තකාල ජනප්‍රියත්වයට පත්වූයේ මේ ගමන්වලදීය. දැන් දක්නට ඇති ඊ- පොත් කියවන උපකරණ මෙන් මෙබඳු හුරුබුහුටි පොත් එකතු පැය ගණන් ගතවන සංචාරවල කාන්සිය නිවීමට මිනිසුන්ට උපකාර කර තිබුණි. මෙම සංචාරක පුස්තකාලය අතේ ගෙන යා හැකි තරම් බැවින් කරත්ත සංචාරකයන්ට ගමන් කිරීම රසවත් අත්දැකීමක් වන්නට ඇත.‍