ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ගම්මානයක් ජංගම දුරකථන සහ රූපවාහිනි සඳහා වූ ජනතා ඇබ්බැහියට එරෙහිව අපූරු විසඳුමක් ලබා දී ඇත. ඒ සෑම දිනකම සිය රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා කාලයක් ලබාදෙමිනි.
ඒ අනුව සෑම දිනකම රාත්‍රී 07ට රූපවාහිනී සහ ජංගම දුකථන ක්‍රියාවිරහිත කිරීමට ජනතාවට දැනුම් දීමට ඔවුන් කටයුතු කරති. රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියාත්මක කිරීමට අවසර ඇත්තේ රාත්‍රී 08.30ට යළි සයිරන් නාදයක් නිකුත් කළ පසුවය.
කොවිඩ් වසංගතයෙන් පසු දරුවන් සහ වැඩිහිටියන් රූපවාහිනියට සහ ජංගම දුරකථනයට දැඩිව ඇබ්බැහිවීම සහ සමීප සබඳතා බිඳ වැටීම වැළැක්වීම සඳහා මේ අලුත්ම අදහස ක්‍රියාත්මක කරන්නේ 3,000 කට ආසන්න පිරිසක් ජීවත් වන මහාරාෂ්ට ප්‍රාන්තයේ සංග්ලි දිස්ත්‍රික්කයේ වඩ්ගෝන් නම් ගම්මානයේය.