එස්තෝනියානු නීති සම්පාදකයන් මෑතකදී යුක්රේන ප්‍රදේශ හතරක් ඈඳාගැනීම හෙළා දකිමින් රුසියාව "ත්‍රස්තවාදී පාලනයක්" ලෙසට වූ ප්‍රකාශයක් අනුමත කර තිබේ.
ඉකුත් අඟහරුවාදා එස්තෝනියානු පාර්ලිමේන්තුව රැස්වූ විට මන්ත්‍රීවරුන් 101 දෙනාගෙන් 88 දෙනෙක් මේ සඳහා පක්ෂව ඡන්දය දුන්හ. 10 දෙනකු නොපැමිණි අතර තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
"රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලන තන්ත්රය, න්‍යෂ්ටික ප්‍රහාරයක් පිළිබඳ එහි තර්ජන ගර්ජන සමගින්, රුසියාව යුරෝපයේ සහ මුළු ලෝකයේම සාමය සඳහා විශාලතම අනතුර බවට පත් කර ඇත" යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන්ය.