2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

ස්වීඩනයේ ලාබාලතම පරිසර ඇමැති

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 121

ලෝප්‍රකට දේශගුණ ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් ගේ මව් රට වන ස්වීඩනයේ නව රජය සිය නව දේශගුණ හා පරිසර ඇමැති ලෙස 26 හැවිරිදි  රොමිනා පුර්මොක්තාරි නම් කර ඇත. ඇය ඒ අනුව ඒ රටෙහි අමාත්‍යාංශයක් මෙහෙයවන ලාබාලතම පුද්ගලයා බවට වාර්තාගතව තිබේ.

අන්ත දක්ෂිණාංශික ස්වීඩන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් විසින් ශක්තිමත් කරන ලද දක්ෂිණාංශික සභාගයකට නායකත්වය දෙන, අලුතින් තේරී පත්වූ අගමැති උල්ෆ් ක්‍රිස්ටසන් විසින් ඉදිරිපත් කරන ලද නව කැබිනට් සාමාජිකයන් අතර මෙම නාමයෝජනාව ද විය.

ස්ටොක්හෝම්හි තදාසන්න ප්‍රදේශයේ ඉරාන සම්භවයක් ඇති පවුලක උපත ලැබූ ඇය,  ලාබාලතම ඇමැතිවරයා ලෙස පත්වීමෙන් වසර 27ක් පැරණි වාර්තාවක් අභිබවා ගියාය. 26 හැවිරිදි රොමිනා පුර්මොක්තාරි මේ දක්වා ලිබරල් පක්ෂයේ තරුණ අංශයේ ප්‍රධානියා වූ අතර, සිය පක්ෂය නාසි ඉතිහාසයක් ඇති ස්වීඩන් ඩිමොක්‍රටික් (SD) පක්ෂය සමඟ සමීපව සන්ධානගත කිරීමට ගත් අගමැති ක්‍රිස්ටසන්ගේ පියවර පිළිබඳ ඍජු විවේචකයකු ද වීම විශේෂ කරුණකි.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00