ප්‍රංශයේ දහස් ගණන් කම්කරුවෝ දැන් වීදි බැස සිටිති. ප්‍රංශය පුරා නගර දුසිම් ගණනක පෙළපාලි දකින්නට හැකිය, ඒ ප්‍රවාහන කම්කරුවන් සහ සමහර උසස් පාසල් ගුරුවරුන් මෙන්ම රජයේ රෝහල් සේවකයන්ද මහා වැඩවර්ජනයක නිරතවීමත් සමගිනි.
ප්‍රංශය මේ වනවිට දශක ගණනාවක් තුළ මතු වූ 6.2%ක් වන, එහි ඉහළම උද්ධමනය අත්විඳින අතර, ඉහළ යන ජීවන වියදමට සමගාමීව වැටුප් වැඩිවීම් ඉල්ලා විරෝධතාකරුවෝ සහ වර්ජකයෝ පාරට බැස සිටියහ. යුක්රේනයේ සහ රුසියාවේ යුද්ධය මගින් උග්‍ර කරන ලද බලශක්ති අර්බුදය තුළ ඉහළ ගිය තෙල් හා ගෑස් මිල මධ්‍යයේ බලශක්ති සමාගම් ලබාගන්නා හදිසි ලාභයෙන් ඉහළ වැටුප් ඉල්ලා වර්ජිත කම්කරුවෝ හඬ නඟමින් සිටිති. මේ හේතුවෙන් ප්‍රවාහන කටයුතු අඩපණව පාසල් පවා වැසී ගොස් ඇති අතර ඉන්ධන හිඟයක්ද මතුව තිබේ.
ප්‍රංශ තෙල් දැවැන්තයකු වන Total Energies සිකුරාදා වෘත්තීය සමිති දෙකක් වන ප්‍රංශ කම්කරුවන්ගෙන් බහුතරයක් නියෝජනය කරන CFDT සහ CFE-CGC වෘත්තීය සමිති සමඟ ඇතිකරගත් 7% ක වැටුප් වැඩිවීමක් සහ මුල්‍ය ප්‍රසාද දීමනාවක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ප්‍රතික්ෂේප කර ඇති CGT සමිතිය ඉකුත් අඟහරුවාදා 10% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටිමත් සමඟ සිව්වැනි සතිය දක්වා අඛණ්ඩව වැඩවර්ජනය ඇදී ගොස් තිබිණි.