2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

දිවාලි උත්සවයේ විෂ දුමාරය!

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 195

දිවාලි උත්සවයෙන් පසු නවදිල්ලිය විෂ දුමාරයෙන් වැසී ඇති බව වාර්තා වේ. වායු තත්ත්ව දර්ශකයේ හානිකර PM2.5 අංශු ප්‍රමාණය දිනකට 350 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර කියවීමට වඩා තුන් ගුණයකටත් වඩා වැඩිය. 

PM2.5 කියවීම මධ්‍යම උදෑසන වන විට 145 දක්වා අඩු වී තිබුණද, ඒ මට්ටමද ලෝක සෞඛ්‍ය සංවිධානයේ සීමාව මෙන් 10 ගුණයකට ආසන්නය. එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද දෛනික උපරිමය මෙන් 23 ගුණයකට වඩා වැඩිය. 

2020 දී IQAir විසින් කරන ලද වාර්තාවකින් හෙළි වූයේ ලෝකයේ වඩාත්ම දූෂිත නගර 30 න් 22ක්ම ඉන්දියාවේ ඇති බවයි.  

ලෝක අගනගර අතරින් නරකම වායු ගුණාත්මකභාවය ඇති නවදිල්ලියේ, පසුගිය මාසයේ රතිඤ්ඤා විකිණීම සහ භාවිතය තහනම් කර ඇති අතර, එම තහනම කඩ කරන්නන් මාස හයක් දක්වා සිරගත කළ හැකි බව නිවේදනය කළේය.

වාතයේ පවතින PM2.5 අගය යනු  හෘද වාහිනී සහ පෙනහළු පිළිකා වැනි ශ්වසන රෝග ඇති කිරීමට හේතුවන ලෙස පෙනහළුවල ගැඹුරට විනිවිද යාමට සහ රැධිරයට ඇතුළු වීමට හැකි තරම් කුඩා වන අංශු මට්ටමකි.

I සුගත්