2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

යුක්රේනයේ කුණු බෝම්බය

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 151

රුසියාව මේ වනවිට යුක්රේනයට චෝදනා කර ඇත්තේ ත්‍රස්තයන් භාවිත කරන ඊනියා “අපිරිසුදු බෝම්බයක්” භාවිත කිරීමට සැලසුම් කරන බවටය. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඔක්තෝබර් 24දා පැවති සාකච්ඡාවකදී කියා සිටියේ, අපිරිසිදු බෝම්බයක් පුපුරුවා හැරීමේ ප්‍රකෝපකාරී ක්‍රියාවකට කියෙව් සැලසුම් කරන බවට තොරතුරු තමන් සතුව ඇති බවය.

නමුත් කියෙව් සහ එහි බටහිර සහචරයන් විසින් මේ චෝදනාව බොරු සහ මඩ ප්‍රචාරයක් ලෙස බැහැර කර තිබිණි. මොස්කව් තම අසල්වැසියාට එරෙහිව යුද්ධය තීව්‍ර කිරීමට කඩතුරාවක් ලෙස මෙම “අපිරිසුදු බෝම්බ” කතාව භාවිත කළ හැකි බවට දැන් ප්‍රතිචෝදනා එල්ල වී තිබේ.

අපිරිසුදු බෝම්බයක් යනු ඩයිනමයිට් වැනි සාම්ප්‍රදායික පුපුරණ ද්‍රව්‍ය සහ යුරේනියම් වැනි විකිරණශීලී ද්‍රව්‍ය ඒකාබද්ධ කර තැනූ ආයුධයකි. ඕනෑම හමුදා ඉලක්කයක් තුරන් කිරීමට වඩා භීතිය පැතිරවීමට එය සැලසුම් කර ඇති බැවින් එය බොහෝ විට රටවල් සඳහා නොව ත්‍රස්තවාදීන් සඳහා යොදාගන්නා ආයුධයක් ලෙස හැඳින්වේ.

අපිරිසුදු පිපිරවීම සම්ප්‍රදායික පුපුරණ ද්‍රව්‍ය මගින්ය. න්‍යෂ්ටික බෝම්බයක පිපිරවීම උත්පාදනය වන්නේ දෙවැනි ලෝක යුද්ධයේදී එක්සත් ජනපදය ජපානයට හෙලූ පරමාණු බෝම්බ වැනි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් මගිනි.

යුක්රේන නිලධාරීන් මොස්කව්හි චෝදනා නැවත නැවතත් ප්‍රතික්ෂේප කර ඇති අතර කියෙව් විදේශ ඇමැති තමන්ට "සැඟවීමට කිසිවක් නොමැති" බව පෙන්වීමට යුක්රේනයට පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගේ පරීක්ෂකවරුන්ටද ආරාධනා කර තිබිණි.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00