වසර 40 කට පමණ පසු පළමු වරට හවායි හි පිහිටි අඩි 13,679 උසැති ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද වන මවුනා ලෝවා “Mauna Loa” ගිනි කන්ද පුපුරා ගියේ මේ නොබෝදාය. ඉන් සතියක් ගතවන්නටත් පෙර ඉන්දුනීසියාවේ සෙමේරැ ගිනි කන්ද පුපුරා ගොස් තිබේ.
ඉන්දුනීසියාවේ වඩාත්ම ජනාකීර්ණ ජාවා දූපතේ පිහිටි ඉහළම ගිනි කන්ද වන මෙම සෙමෙරු ගිනි කන්ද සක්‍රිය වීමෙන් කිලෝමීටර් අටක දුර ප්‍රමාණයකට ලාවා පැතිරී ගොස් ඇත. අහසට විහිදුණු දුමාරය කිලෝමීටර් 15 ක් දුරට ව්‍යාප්ත වී ඇත. මේ හේතුවෙන් ජපානයේ දකුණුදිග දූපත්වලට සුනාමි අනතුරැ ඇඟවීමක් ද නිකුත් කර තිබුණි. මේ ගිනි කන්ද සක්‍රිය වී ඇත්තේ පසුගියදා අඛණ්ඩව සිදු වූ භූ කම්පන රැසකින් පුද්ගලයන් 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ උණුසුම පහවී යාමටත් පෙරය.