මතභේදයට තුඩු දී ඇති හිමාලය දේශසීමාවේ ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තයේ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ටවාන්ග් කලාපයේ පසුගිය සතියේ ඇති වූ ගැටුම්වලින් පසු “ඒකපාර්ශ්විකව පවතින තත්ත්වය වෙනස් කිරීමට” චීනය උත්සාහ කරන බවට ඉන්දියාව චෝදනා කර ඇත.
“2022 දෙසැම්බර් 09 වැනි දින, ටවාං අංශයේ යැංට්සේ ප්‍රදේශයේ සැබෑ පාලන රේඛාව ආක්‍රමණය කිරීමෙන් PLA හමුදා ඒකපාර්ශ්විකව පවතින තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කළා.” යැයි ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පාර්ලිමේන්තුවට පැවසුවේ චීනයේ මහජන විමුක්ති හමුදාව සහ නියම තථ්‍ය දේශසීමාව ගැන සඳහන් කරමිනි.
“චීනයේ මේ උත්සාහයට අපේ හමුදාව දැඩි ස්ථාවරයකින් මුහුණ දුන්නා. මෙහිදී ගැටුමක් ඇතිවුණා. ඉන්දීය හමුදාව නිර්භීතව PLA අපගේ භූමිය ආක්‍රමණය කිරීම වැළැක්වූ අතර ඔවුන්ට ඔවුන්ගේ සීමා මුරපොළවල්වලින් ඉවත් වීමට බල කළා. ගැටුමේදී දෙපාර්ශ්වයේම සොල්දාදුවන් තුවාල ලැබුවා.” යැයි ඔහු පැවසීය.
තථ්‍ය පාලන රේඛාව යනු බටහිරින් ලඩාක් සිට ඉන්දියාවේ නැගෙනහිර ප්‍රාන්තය වන අරුණාචල් ප්‍රදේශ් දක්වා චීනය සහ ඉන්දියාවට අයත් භූමි ප්‍රදේශ වෙන් කරන සැබෑ දේශසීමාවය.
චීනය එයට සම්පූර්ණයෙන්ම හිමිකම් කියයි. මේ හේතුවෙන් 1962 ඉන්දියාව සහ චීනය අතර දේශසීමා යුද්ධයක් ඇති වූ අතර වරින් වර මෙබඳු ගැටුම් ඇතිවේ.
පසුගිය මාසයේ ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර චීනයට මායිම්ව පිහිටි උතුරු ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ඒකාබද්ධ හමුදා අභ්‍යාසවලින් පසු නවතම ගැටුම ඇති විය.