ලොව වියළීම සහ උණුසුම් දේශගුණික කලාපයක පිහිටි මැදපෙරදිග විශාලතම රට වන සෞදි අරාබියට වසර ගණනාවකට පසුව ඇද හැලුණු අධික වර්ෂාවක් හේතුවෙන් දැඩි ගංවතුර තත්ත්වයක් උද්ගත වී ඇත.
පවතින අයහපත් දේශගුණය හේතුවෙන් එරට පාසල් වසා දැමීමට රජය පියවර ගෙන තිබේ. සෞදි අරාබියේ මැකා, ජෙඩා ඇතුළු නගර ගණනාවකට මේ ගංවතුර තත්ත්වය බලපා ඇත. ඉදිරි දින කිහිපයේදී තත්ත්වය තවත් දරැණු අතට හැරෙනු ඇතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරැ අඟවා තිබේ.