චීනය අභිබවා ලොව ජනාකීර්ණම රට ඉන්දියාව වනු ඇතැයි පුරෝකථනයක් කියයි. ඒ අනුව 2060 දී පමණ ඉන්දියාවේ ජනගහනය බිලියන 1.6ත් 1.8ත් අතර ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ ආසියානු යෝධයන් සතුව දැනටමත් ලොව බිලියන 1.4 කට වඩා වැඩි ජනතාවක් සිටින අතර, වසර 70 කට වැඩි කාලයක් ගෝලීය ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් නියෝජනය කර ඇත.
ලබන වසරේ සිට චීනයේ ජනගහනය හැකිලීමට පටන් ගන්නා ලකුණු පහළ වී ඇති බව ඇතැම් සමීක්ෂණ මගින් වාර්තාවේ. පසුගිය වසරේ, සාඵල්‍යතා අනුපාතය සීඝ්රයෙන් පහත වැටීමට සමගාමීව මිලියන 10.6ක ජනතාවක් චීනයේ උපත ලැබූ අතර, එය මරණ සංඛ්‍යාවට වඩා මඳක් වැඩි අගයක් විය. චීනයේ සාඵල්‍යතා අනුපාතය 2020 දී 1.3 දක්වා පහත වැටී ඇති අතර, 2016 දී අවසන් නිල ගණන් කිරීමේදී ඉන්දියාවේ 2.2 ඉහළ අගයක්ව ඇත.
ඒ අතර ඉන්දියාව වාර්ෂිකව 2%ක් පමණ වූ ශීඝ්‍ර ජනගහන වර්ධනයක් දුටුවේය. පසුගිය සියවසේ දෙවැනි භාගයේ සිට ඒ රට මරණ අනුපාතය පහත වැටුණි, ආයු අපේක්ෂාව ඉහළ ගියේය. මේ වනවිට ලෝකයේ අවුරුදු 25ට අඩු පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් ඉන්දියාවේ අය වන අතර ඉන්දියානුවන්ගෙන් 47%ක් වයස අවුරුදු 25ට අඩු අය වෙති. මේ සරුබව වැඩි ඉහළ පිරිසක් සිටීමම අනාගත ජනගහනය ඉහළ යාමට හේතුවක් ලෙස දැක්වේ.