අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නායකත්වය සඳහා පැවැති තරගයෙන්, සිරිල් රමෆෝසා යළි ප්‍රධානියා ලෙස තේරී පත්ව ඇත. ඔහුට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමයක් ආරම්භ කිරීමට පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකදී රමෆෝසා ගැලවී තිබුණි.
රමෆෝසා දකුණු අප්‍රිකානු ජනාධිපති ලෙස 2018දී ප්‍රථම වරට ජය තහවුරැ කරනු ලැබුවේ ඔහුගේ පූර්වගාමියා වූ ජේකබ් සූමා ඔහුගේම පක්ෂය විසින් බලයෙන් පහකිරීමෙන් පසුවය.
වර්ණභේදවාදී යුගයේ වෘත්තීය සමිති නායකයෙකු ලෙසත් නෙල්සන් මැන්ඩෙලාගේ ප්‍රධාන සාකච්ඡාකරැවා ලෙසත් නමක් තැබූ ඔහු 1990 ගණන්වල සුදු සුළුතර පාලනයෙන් මිදිගිය වත්මන දකුණු අප්‍රිකාවට මග පෙන්වීමට උපකාර වූවෙකි. මැන්ඩෙලා පැහැදිලිවම කියා සිටියේ ඔහුගේ ජනාධිපති ධූරය අවසන් වූ පසු ඔහු වෙනුවට රමෆෝසා පත් කිරීමට අවශ්‍ය බවයි. එහෙත් රටින් පිටුවහල්ව සිට නැවත දකුණු අප්‍රිකාවට පැමිණි තවත් වර්ණභේද විරෝධී නායකයෙකු වන තාබෝ මබෙකි හමුවේ පක්ෂය සහ රට මෙහෙයවීමේ අවස්ථාව රමෆෝසාට අහිමි විය. රමෆෝසා පසුව රජයෙන් ඉවත් වූ අතර ව්‍යාපාරික ලෝකයේ ඔහුගේ වාසනාව සොයා ගියේය. ජාත්‍යන්තර සාම මැදිහත්කරැවකු ලෙසද ඔහු කීර්තියක් දිනා සිටියේය. මේ ඔහු පක්ෂයේ නායකත්වය ලද දෙවැනි අවස්ථාවයි.