නත්තල සහ අලුත් අවුරුද්ද සැමරීමේ අසාමාන්‍ය ක්‍රමයක් රුසියාවේ සයිබීරියානු නගරයක් වන චිටා වෙතින් වාර්තාවේ. සාමාන්‍යයෙන් මේ දිනවල නත්තල් පප්පා, පිනිමුවන් මග අසල නිර්මාණය කර ඇති අයුරු දක්නට ලැබෙන නමුත් මේ නගරයේ ඒ වෙනුවට නිමවා ඇත්තේ මේ වනවිට රට මුහුණ දී ඇති යුද්ධමය අලකලංචියට ගැලපෙන නිමැවුමකි. එය කාලයේ තාලයට ගැලපෙන සලකුණකි. ඒ අයිස් සොල්දාදුවන්ගේ පිළිරූය.
චිටා පිහිටා ඇත්තේ මොස්කව් සිට සැතපුම් 3,000 (කිලෝමීටර් 4,830) නැගෙනහිරින්ය. මෙම උත්සව සමය සඳහා මේ අමුතු ආකාරයේ මිලිටරිකෘත අයිස් මූර්ති වඩාත් සුදුසුම සැරසිල්ල වනු ඇතැයි පළාත් පාලන ආයතන තීරණය කළේය. දේශප්‍රේමී නව වසරක් සඳහා දිරිමත් කිරීමේ ක්‍රමයක් ලෙස මේ හිම සොල්දාදුවන් කාගේත් පිළිගැනීමට ලක්ව ඇති බව කියයි