නාසා හි සුප්‍රසිද්ධ ඇපලෝ වැඩසටහනේ පළමු කාර්ය මණ්ඩලයට අයත් ගගනගාමියකු වූ වෝල්ටර් කනිංහැම් වයස අවුරුදු 90 දී මිය ගිය බව නාසා ආයතනය පවසයි.
කනිංහැම් යනු ඇපලෝ 7 කාර්ය මණ්ඩලයේ ඉතිරිව සිටි අවසන් සාමාජිකයා වූ අතර, ගගනගාමීන් වන Wally Schirra සහ Donn Eisele ද ඊට ඇතුළත් අනෙකුත් දෙදෙනා වූහ.
1963 දී අභ්‍යවකාශ ඒජන්සියට සම්බන්ධ වූ කනිංහැම් නාසා හි තුන්වැනි ගගනගාමී පන්තියේ සාමාජිකයකු ලෙස එහි මානව අභ්‍යවකාශ පියාසැරි වැඩසටහනට තෝරාගත් මුල්ම සාමාජිකයන්ගෙන් කෙනෙකි. ඔහුව NASA හි ප්‍රථම මානව කාර්ය මණ්ඩල මෙහෙයුම වන Apollo 7 මෙහෙයුමට තෝරා ගන්නා ලදී.
ඇපලෝ 7 මෙහෙයුම 1968 දී දියත් කරන ලද අතර දළ වශයෙන් දින 11 ක් පැවතියේය. එහිදී කාර්ය මණ්ඩලය කක්ෂය වෙත යැවීමට සමත් වූ අතර එය පරීක්ෂණ පියාසැරියකට සමාන විය. නාසා ආයතනයට අනුව අභ්‍යවකාශයේ සිට අමෙරිකානුවන්ගේ ප්‍රථම සජීවී රූපවාහිනී විකාශනය සිදු කිරීමද එහි විශේෂත්වයක් විය.
කනිංහැම්, අයෝවාවේ ක්‍රෙස්ටන් හි උපත ලැබූ අතර, ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් සහ භෞතික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. ඇපලෝ 7 මෙහෙයුම දියත් කරන විට ඔහුගේ වයස අවුරුදු 36 කි.