මෘත දේහ කොම්පෝස්ට් පොහොර බවට පත් කිරීමට අවසර දුන් හයවැනි ප්‍රාන්තය බවට අමෙරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තය පත්ව ඇත. මීට පෙර කොළරාඩෝ, කැලිෆෝනියා, ඔරිගන් යන ප්‍රාන්තවලද මෘත දේහ කොම්පොස්ට් පොහොර බවට පත් කිරීමට අනුමැතිය දී තිබුණි.
ඒ අනුව මරණයෙන් පසු මෘත දේහ කොම්පෝස්ට් පොහොර බවට පත් කිරීමට නිව් යෝර්ක් වැසියන්ට අවස්ථාව හිමි වේ. මෙය භූමදානය හෝ ආදාහනය කිරීමට වඩා පරිසර හිතකාමී බව පරිසරවේදීහු පවසති. ස්වභාවික කාබනිකහරණය යනුවෙන් හැඳින්වෙන මෙම ක්‍රමයේදී සිදු කෙරෙන්නේ, මිනිස් මෘත දේහ සති කිහිපයක් බහාලුමක තබා ජීරණය කිරීමයි.