මේ වසරේදී ලෝක ආර්ථිකයෙන් තුනෙන් එකක් මුළුමනින්ම බිඳවැටීමේ අවදානමට මුහුණ පා සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානියා සඳහන් කර තිබේ.
ගෝලීය ආර්ථිකයේ ප්‍රබලයන් වන අමෙරිකාවේ, යුරෝපා හවුලේ සහ චීනයේ ආර්ථික වර්ධනය මන්දගාමී වීම හේතුවෙන් වසර 2022ට වඩා 2023 ගෝලීය ආර්ථිකයට වැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජීවා ප්‍රකාශ කර ඇත.
කොවිඩ් ශුන්‍ය කිරීමේ ප්‍රතිපත්තිය ලිහිල් කිරීමෙන් පසු ලොව දෙවැනි ආර්ථික බලවතා වන චීනයේ ආර්ථිකය වසර 40කට පසු මන්දගාමී වී ඇතැයි ද, එමෙන්ම යුක්රේන යුද අර්බුදය හේතුවෙන් දැඩි බලපෑමක් යුරෝපා හවුලේ රටවලට එල්ල වී ඇති බැවින් එම රටවල ආර්ථිකය අනපේක්ෂිත අයුරින් මන්දගාමී වී ඇතැයිද ඇය සඳහන් කර තිබේ.
අමෙරිකාව දේශීය දළ නිෂ්පාදනය පහත වැටීම සහ ආහාර මිල ඉහළ යාමෙන් උද්ධමනය අවදානමකට ඇද වැටී සිටි අතර ශීත ඝෘතුවේදී තවදුරටත් ආර්ථික පසුබෑමකට ලක් විය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානියා සඳහන් කර ඇත්තේ මේ වසරේ පළමු කාර්තුවෙන් පසු අමෙරිකාවේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බවය.