2023 ජනවාරි 08 වන ඉරිදා

ඝාතක රොබෝවරු ඉක්මනින්ම යුද පිටියට!

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 139

යුද්ධයේ ත්‍රාසජනක නව යුගයක් ආරම්භ කරමින් සම්පූර්ණ ස්වයංක්‍රීය ඝාතක රොබෝවරුන් ඉක්මනින් යුද පිටියේ යෙදවිය හැකි බවට ලොව යුද සහ කෘත්‍රිම බුද්ධි විශේෂඥයෝ අනතුරු අඟවමින් පවසති.

යුද්ධය දිගුවන තරමට මිනිසුන්ගේ සහාය නොමැතිව ඉලක්ක හඳුනා ගැනීමට, තෝරාගැනීමට සහ ප්‍රහාර එල්ල කිරීමට සමත් ඩ්‍රෝන යානා වැනි ස්වයංක්‍රීය  තාක්ෂණික  ප්‍රහාරකයන් යොදා ගැනීමට ඇති ඉඩකඩ වැඩි බව ඔවුන් පෙන්වා දෙන්නේ පසුගියදා යුක්රේනයේ දි යොදාගත් ඩ්‍රෝන් තාක්‍ෂණයේ ශීඝ්‍ර දියුණුව සැලකිල්ලට ගනිමිනි.

රුසියාව දැනටමත් ගුවන් ආරක්ෂක බාධක යටපත් කළ හැකි මිනිසුන් රහිත ගුවන් යානා (UAVs) සමඟ භීෂණය පතුරවා හමාරය. ඒ ඉරානය විසින් සපයන ලද Shahed-136 ඩ්‍රෝන යානා මගින් Kyiv වෙත පහර එල්ල කරමිනි.  

මැෂින් තුවක්කු භාවිතයත් සමඟ ඇතිවූ වෙනසට වැඩි පරිණාමනයක් මේ නව තාක්ෂණය නිසා යුද්ධයේ ඇතිවිය හැකි බවත් යුක්රේනය හෝ රුසියාව යන රටවල් දෙක කොයි මෙහොතේ හෝ මේ අධි තාක්ෂණ ප්‍රහාරකයන් සටනට යොදවා ගත හැකි බවටත් විශේෂඥයෝ පෙන්වා දෙති.