2023 ජනවාරි 15 වන ඉරිදා

නේපාලයේ තුන්වැනි ගුවන් තොටුපොළ ‍

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 164

නේපාලයේ නව අගමැති පුෂ්ප කමල් දහාල් එරට තුන්වැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ‍පසුගියදා විවෘත කළේය. එය පොකාරා ගුවන් තොටුපොළයි.

කත්මණ්ඩු නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කාර්යබහුලත්වය අවම කිරීමේ අරමුණින් මේ ගුවන් තොටුපොළ විවෘත කර ඇති අතර, එය මීට පෙර දේශීය ගුවන් තොටුපොළක් ලෙස පැවැතිණි. පොකාරා ගුවන් තොටුපොළ චීනයේ එක් මාවතක් - එක් තීරයක් ජාත්‍යන්තර වෙළෙඳ ව්‍යාපෘතිය යටතට කලින් අයත්ව තිබුණද එය  චීනයේ ආයෝජන මත සිදු නොකෙරැණු බව ‍නේපාල රජය ප්‍රකාශ කර තිබුණි.‍‍‍