වියට්නාමයේ ජනාධිපති Nguyen Xuan Phuc ඉල්ලා අස්වී ඇත. පාලක කොමියුනිස්ට් පක්ෂය ඔහුගේ පාලනය යටතේ සිටි නිලධාරීන්ගේ “නීති උල්ලංඝනයන් සහ වැරදි” සම්බන්ධයෙන් ඔහුට දෝෂාරෝපණය කිරීමෙන් පසුවය. එය සිදුවූයේ රටේ දූෂණ විරෝධී ව්‍යාපාරයේ ප්‍රධාන බලපෑමෙනි.
ව්‍යාපාරික ගැති ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම සම්බන්ධයෙන් පුළුල්ව ගෞරවයට පාත්‍ර වූ හිටපු අගමැතිවරයකුද වන ෆුක්, 2021 සිට බොහෝදුරට චාරිත්‍රානුකූලව ජනාධිපති ධුරය දැරූ අතර පක්ෂයේ දූෂණ මර්දන මෙහෙයුම විසින් ඉලක්ක කරන ලද ඉහළම නිලධාරියා විය.
68 හැවිරිදි ෆුක් නියෝජ්‍ය අගමැතිවරුන් දෙදෙනෙකු සහ අමාත්‍යවරුන් තිදෙනෙකු ඇතුළු බොහෝ නිලධාරීන් විසින් සිදුකරන ලද වැරදි සඳහා අවසානයේ වගකිව යුතු බව රජය පෙන්වා දී ඇත. ඔහුට පවරා ඇති තනතුරුවලින් ඉල්ලා අස්වීමටත්, රැකියාවෙන් ඉවත් වීමටත්, විශ්‍රාම යාමටත් ඔහු අයදුම්පතක් ඉදිරිපත් කර තිබුණි.
පසුගිය වසරේ, පක්ෂ සාමාජිකයින් 539 දෙනෙකුට දූෂණ සහ "හිතාමතා කළ වැරදි" සම්බන්ධයෙන් නඩු පවරන ලද හෝ "විනය ක්‍රියාවන්ට අනුගත" කරන ලද අතර, පොලිසිය දූෂණ සිද්ධීන් 453ක් විමර්ශනය කර තිබූ අතර එය 2021 ට වඩා 50කින් වැඩි විය.
වියට්නාමය එහි “දැවෙන ගිනි උදුන” නමැති දූෂණ විරෝධී ව්‍යාපාරය මගින් තදබල පිරිසුදුකරණයකට ලක්වෙමින් තිබියදී, එමගින් චෝදනා ලද ජනාධිපති යටතේ සේවය කළ නියෝජ්‍ය අගමැතිවරුන් දෙදෙනකු ජනවාරි මාසයේ නෙරපා හැරීමෙන් පසු ජනාධිපති ෆූක්ද ඉවත් කරනු ඇතැයි අනුමානවලින් පිරී තිබුණි.