නවසීලන්තයේ දෙවරක් අගමැති පදවි දැරූ ජසින්ඩා ආර්ඩන් සිය පදවිය අතහැරීමත් සමඟ එරට 41 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස් දිවුරුම් දුන්නේය. ඒ අනුව 44 හැවිරිදි හිප්කින්ස් එරට කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත් වී ඇත.
ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ලෙස කටයුතු කළේය. “චිපී” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ක්‍රිස් හිප්කින්ස්, දෙදරු පියෙකි.
වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු දිවුරුම් දුන් අතර ඔහුට සුබ පැතුම් එක් කළ මුල් පිරිස අතර සිංගප්පූරු අගමැතිවරයාද ප්රමුඛ විය.
නවසීලන්තයේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් ජසින්ඩා ආර්ඩන් සිදු කළ ක්‍රියාදාමයන්ට නායකත්වය දුන් ඇමැතිවරයෙක් ලෙස ක්‍රිස් හිප්කින්ස්, කීර්තියක් ගොඩනගා ගෙන සිටි අයෙකි.