2023 පෙබරවාරි 05 වන ඉරිදා

නාසයට දමන කොවිඩ් එන්නතක් ඉන්දියාවටත්!

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 71

පළමු වරට නාසයට යොදන කොවිඩ් මර්දන එන්නතක් (Nasal Covid vaccine) ඉන්දියාව ද   එරට වැසියන්ට ලබා දීම සඳහා අනුමැතිය දී තිබේ. ඉන්දීය සමාගමක් විසින් නිෂ්පාදිත ඉන්කොවැක් (iNCOVACC) නම් මෙම එන්නත නාසයට බිංදු ආකාරයෙන් ලබා දිය හැකිය.

මීට පෙර Covishied or Covaxin කොවිඩ් මර්දන එන්නත් ලබාගත් පිරිසට බූස්ටර් එන්නතක් ලෙස මෙය ලබාගත හැකිය. විද්‍යාඥයන් පවසන්නේ, සාමාන්‍ය එන්නතකට වඩා නාසික එන්නත මගින් වැඩි ප්‍රතිශක්තිකරණයක් අපේක්ෂා කරන බවයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී චීනය ද නාසික එන්නත් සඳහා අනුමැතිය ලබා දුන් අතර මේ වනවිට එක්සත් ජනපදය මෙන්ම අමෙරිකාව ද නාසික එන්නත් හඳුන්වා දීම සම්බන්ධයෙන් පර් ෙය්ෂණ සිදු කරනු ලබයි.

කලෙක සිට ලොව විවිධ රටවල් කොවිඩ් මර්දන එන්නත් හඳුන්වා දුන් අතර ඒ අතරින් මෙලෙස කොවිඩ් මර්දන එන්නත්කරණයේ නව පියවරක් ඉදිරියට තබමින් ඉන්දියාව දැන් කැපීපෙනෙන ස්ථානයක පසුවෙයි. මේ වනවිට ඉන්දීය ජනගහණයෙන් 70% කට වඩා වැඩි පිරිසක් අවම වශයෙන් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 2 ම ලබාගෙන ඇති බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු කියති.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00