දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇරඹුණු සීතල යුද්ධය අවසන් වීමත් සමඟ න්‍යෂ්ටික අවි භාවිත කිරීම පාලනය කිරීම සම්බන්ධයෙන් 1991 දී රුසියාව සහ අමෙරිකාව ද්විපාර්ශ්වික ගිවිසුමකට පැමිණ තිබුණි. මෙහිදී රුසියාව සහ අමෙරිකාව අතර ඇති න්‍යෂ්ටික අවි පාලනය පිළිබඳ ඇති කරගත් ස්ටාර්ට් ලෙස හැඳින්වුණු ගිවිසුමක් රුසියාව උල්ලංඝණය කර ඇති බවට දැන් අමෙරිකාව චෝදනා කරයි.
මෙම ගිවිසුම හරහා අමෙරිකාවට සහ රුසියාවට යෙදවිය හැකි න්‍යෂ්ටික අවි සංඛ්‍යාව සහ ඒවා බෙදාහැරීමට ගොඩබිම් සහ සබ්මැරීන පදනම් කරගත් යානා යෙදවීම සීමා කෙරේ. මෙම ගිවිසුම 2021 වසරේදී තවත් වසර 5ක් සඳහා දීර්ඝ කළේය. නමුත් අමෙරිකාව චෝදනා කරන්නේ, ගිවිසුමට අනුව සිදු කළ යුතු පරීක්ෂණ කටයුතු සඳහා පහසුකම් සැලසීම රුසියාව ප්‍රතික්ෂේප කර ඇති බවය.