2023 පෙබරවාරි 05 වන ඉරිදා

ට්‍රම්ප් ජනපති සටන අරඹයි!

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 193

2024 ජනාධිපතිවරණය සඳහා හිටපු අමෙරිකානු ජනාධිපති, ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රචාරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ. ඒ, දකුණු කැරොලිනා සහ නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තවලිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රචාරණ කටයුතු අරඹා ඇත්තේ අලුත් මුහුණුවරකිනි. ඒ දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වන ඝෝෂාකාරී රැලිවලින් බැහැරව කුඩා පරිමාණයේ රැස්වීම් මාලාවක් ආරම්භ කිරීමෙනි. මේ අනුව 2024 දීද වත්මන් ජනාධිපති බිඩෙන් සහ හිටපු ජනාධිපති ට්‍රම්ප් අතර බල පොරයක් දැකගන්නට හැකිවනු ඇත.

නමුත් එන්.බී.සී. ප්‍රවෘත්ති ආයතනයේ නව මත විමසුමකට අනුව, 2024 ජනාධිපතිවරණ තරගයේදී ජනාධිපති බිඩෙන් සහ හිටපු ජනාධිපති ට්‍රම්ප් අතර නැවත තරගයක් හටගැනීම ගැන අමෙරිකානු ඡන්ද දායකයන්ගෙන් බහුතරයක් තුළ ප්‍රසාදයක් නැත. ඒ අනුව 48% ක් බිඩෙන් නැවත පැමිණීම ගැනත් 52% ක් ට්‍රම්ප් නැවත ආගමනය ගැනත් අප්‍රසාදය පළ කර ඇත.