මිලියන 15ක් අවදානමේ
ග්ලැසියර විල් පිපිරීම්වලින් ඇති විය හැකි ව්‍යසනකාරී 'අභ්‍යන්තර සුනාමියක්' හේතුවෙන් මිලියන 15ක ජනතාවක් අවදානමට ලක්ව ඇති බව පර් යේෂකයන් සොයාගෙන තිබේ. ලොව පුරා ග්ලැසියර භයානක වේගයකින් දියවෙමින් පවතියි. ඒවා දියවීමෙන් දැවැන්ත ජල තටාක නිර්මාණය වෙයි. මේවා ග්ලැසියර විල් ලෙස හැඳින්වේ.
පරිසර උෂ්ණත්වය උණුසුම් වන විට මේ ග්ලැසියර කැබලි දිය වී යන අතර, විල් බිහිවීම ඉහළ යයි. ඉහළ භුමි මත පිරෙන මේ ජලය සහ සුන්බුන් සැණෙක පුපුරා පිටාර යමින් කඳු මතින් ගලා ඒමෙන් පහල භූමියේ ජිවත්වන පිරිසගේ ජිවිත අවදානමට ලක්වේ. මෙම සංසිද්ධිය ග්ලැසියර විල් පිපිරීයාමක් ලෙස හැඳින්වෙන අතර අභ්‍යන්තර සුනාමියක් තත්ත්වයක් ලෙස හඳුන්වයි. මෑත අධ්‍යයනයකට අනුව, ග්ලැසියර විල්වලින් සැතපුම් 30ක් ඇතුළත ජීවත්වන ලොවවටා මිලියන 15ක් පමණ ජනතාව දැඩි අවදානමට ලක්ව සිටිති. ඔවුන්ගෙන් අඩකට වඩා සංකේන්ද්‍රණය වී ඇත්තේ ඉන්දියාව, පකිස්ථානය, පේරැ සහ චීනය යන රටවල් හතරේ බව වාර්තා වේ.
මෙම ගංවතුර ගැලීම සිදුවන්නේ කිසිදු පූර්ව අනතුරැ ඇඟවීමක් නොමැතිවය. මීට පෙර ග්ලැසියර විල් පිපිරීම් හේතුවෙන් මිනිසුන් දහස් ගණනක් මියගිය අතර දේපල හා ප්‍රධානපෙලේ යටිතල පහසුකම් විනාශ වි තිබේ. පේරැ හි Cordillera Blanca මෙම භයානක සංසිද්ධිය සඳහා මුහුණ පෑ එක් ස්ථානයකි. ඒ 1941 දීය.