2023 පෙබරවාරි 12 වන ඉරිදා

භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 20,000ත් පනියි !

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 87

සුන්බුන් අතරින් විස්මිත දිවිගලවා ගැනිම් රැසක්!

තුර්කියට සහ සිරියාවට බලපෑ ප්‍රබලත්වය 7.8 සහ 7.6 භූමිකම්පාවෙන්  මියගිය සංඛ්‍යාව 15,000 ඉක්මවා ඇත. තුර්කියේ පුද්ගලයින් 12,391කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර අවම වශයෙන් 37,011 තුවාල ලබා ඇතැයි පත්‍රය මුද්‍රණයට යන මොහොත වනවිට  වාර්තාවිය. සිරියාවේද අවම වශයෙන් 2,992කට වැඩි පිරිසක්  මිය ගොස් තිබුණි. කෙසේ වුවද තුර්කියේ සහ සිරියාවේ සැබෑ මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවිය හැකි බව බලධාරීහු සැක කරති. තුර්කියේ සුන්බුන් අතරින් 8,000 කට වැඩි පිරිසක් ඉවත් කර ඇති අතර 380,000ක් පමණ රජයේ නවාතැන් හෝ හෝටල්වල සරණාගතව සිටිති.

සුන්බුන් යට වැළලී සිටින විපතට පත්වූවන් උදව් ඉල්ලා කළ අයැදීම්වලින් සමාජ මාධ්‍ය ජාලා පිරී ඉතිරී ගියේය. සිරවී සිටි වින්දිතයින් වෙත උපකාර සඳහා ළඟාවීමට සහ ඔවුන් සිටින ස්ථාන හඳුනා ගැනීමට දිවි ගලවා ගන්නන් මේ සමාජ මාධ්‍ය ඔත්තු භාවිතා කර තිබුණි. මේ වන විට ඇස්තමේන්තු කර ඇති ආකාරයට තුර්කි ලීරා බිලියන 88ක් හෙවත් ඩොලර් බිලියන 4.7ක් - ආපදා වැළැක්වීම සහ හදිසි සේවා සැපැයුම් සඳහා වෙන්කර තිබේ.  

භූකම්පනයෙන් තුර්කියේ ළමුන් ගණනාවකටම හානි වී තිබුණි. ඒ අතර විස්මිත ලෙස දිවිගලවා ගත් දරුවන් රැසක් ගැනද වාර්තා විය. මලත්‍යා පළාතේ 12 හැවිරිදි දැරියක් පැය 40 කට පසු සුන්බුන් අතරින් ඇදගත් අතර හයාටේ පළාතේ සමතලා වූ පස්මහල් ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් පැය 39ක් සුන්බුන් යට සිරවී සිටි 10 හැවිරිදි සිරියානු දැරියක්ද, පැය 52 කට පසු හමුවූ අට හැවිරිදි දැරියක්ද බේරා ගනු ලැබිණි. ඒ අතර භූකම්පනය තුළ උපත ලබා නිරුපද්‍රිතව සිටි ළදැරියක්ද සොයාගනු ලැබුවේ වෙන් නොවූ පෙකණි වැලද සහිතවය. ඇගේ මව ඇයට උපත ලබාදී මියගොස් තිබුණි.

ජනාධිපති රෙසිප් තායීප් එර්දෝගන් භූමිකම්පාවෙන් විපතට පත් පළාත් 10ක් තුළ ආපදා කලාපයක් ප්‍රකාශයට පත් කළ අතර, එම කලාපයට මාස තුනක හදිසි තත්ත්වයක් පනවා ඇත. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර අන්තර්ජාතික ආධාර කණ්ඩායම් තුර්කිය වෙත ළඟා වෙමින් තිබේ.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00