විනාශකාරී සුළි කුණාටුවකින් පීඩාවට පත්ව සිටි නවසීලන්තයට රික්ටර් මාපක 6.1ක විශාල භූමිකම්පාවකටද මුහුණ පෑමට සිදුවිය. මෙම කම්පනය උතුරු සහ දකුණු දූපත්වල නිවාස සොලවා දැමූ අතර 70,000කට වැඩි පිරිසකට එහි බලපෑම එල්ල වීය.
නවසීලන්ත වේලාවෙන් බදාදා රාත්‍රී 7.38ට වෙලින්ටන් අගනුවර කේන්ද්‍රගතව බලපෑ මෙම කම්පනය නගරයට කිලෝමීටර් 50ක් පමණ වයඹ දෙසින් පැපුවා නිව්ගිනියාව අසල කිලෝමීටර් 48ක් පමණ ගැඹුරින් සිදුව ඇත.
නේපියර් නගරය ඇතුළුව මුළු දූපත්වාසීන්ම අඟහරුවාදා දැවැන්ත කුණාටුවෙන් පසු නිවාස ජලයෙන් යටවී, මාර්ග වසා දැමීම් සහ දුරකථන ඇනහිටීම් සහිතව පීඩාවට සහ ව්‍යාකූලත්වයට පත්ව අවදි වූ අතර සිය දහස් ගණනකට විදුලිය විසන්ධි වී තිබුණි. මහා කම්පනය ඇතිවූයේ ඒ අතරය.