එංගලන්ත නව රාජකීය සහකාරිය වන කැමෙලා, වසර 150කට එපිට සිට පැවත එන සම්ප්රදායක් බිඳ දමමින් තමන් සුප්රසිද්ධ Koh-i-Noor දියමන්තිය සහිත රාජකීය ඔටුන්න වෙනුවට වෙනත් ඔටුන්නක් තෝරා ගන්නා බව තහවුරු කර තිබේ. ඇය වසර 1850 දී වික්ටෝරියා රැජිනට පිරිනැමූදා සිට මෙතෙක් අනුප්රාප්තිකයන් විසින් පළඳින ලද මෙම ඔටුන්න පැළඳ නොගැනීමට තීරණය කළ බව බකිංහැම් මාලිගය ඊයේ තහවුරු කළේය.
මැයි මාසයේ පැවැත්වෙන රාජාභිෂේකයේදී ඇය ඒ වෙනුවට වසර 112ක් පැරුණි මේරි රැජිනගේ ඔටුන්න පැළඳ සිටින බව බකිංහැම් මාලිගය තහවුරු කළේය. එය 1911 රාජාභිෂේකය සඳහා V වැනි ජෝර්ජ් රජුගේ බිරිය මේරි විසින් පැළඳ සිටියකි. 18 වැනි සියවසෙන් පසු රාජකීය සහකාරියකගේ රාජාභිෂේකය සඳහා මේ ඔටුන්නක් නැවත භාවිතා කරන පළමු අවස්ථාව එය වේ.
කැරට් 105ක් වන Koh-i-Noor දියමන්තියේ හිමිකාරිත්වය දැඩි ලෙස මතභේදයට තුඩු දී ඇති අතර ඉන්දියාව එය ඔවුන්ගේම යැයි ප්රකාශ කරයි. මෙවැනි මතබේදාත්මක ගැටලුවක් ඇති ඔටුන්නක් තෝරා නොගැනීමෙන් ඇය රාජ්ය තාන්ත්රික ගැටුමක් සමනය කිරීමට සියුම්ව පියවර ගෙන ඇත.