ඉන්දියාවේ බහුතර හින්දු ජනගහනය ශතවර්ෂ ගණනාවක් තිස්සේ, ගවයින් පාරිශුද්ධ වස්තුවක් ලෙස සලකනු ලැබේ. ඔවුන්ට මේ සතුන් පෘථිවිය සහ දිව්‍යලෝකය යන දෙකෙහිම සංකේතයකි. ඉන්දීය බලධාරීන් වැලන්ටයින් දිනය “ගව වැළඳගැනීමේ දිනය” ලෙස නැවත නම් කිරීමට සැලසුම් කර තිබුණි. මෙම පියවර පුරවැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වී තිබුණි.
ඒ අනුව පෙබරවාරි 14 "ගව වැළඳගැනීමේ දිනය" ලෙස ඉන්දියාවේ සත්ව සුබසාධන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කිරීමට සඳුදා ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. බටහිර සංස්කෘතියක් ලෙස පෙනෙන දේ මත දේශීය උරුමය ස්ථාපිත කිරීමට මින් අදහස් කර ඇත.
නමුත් මේ එකඟතාවය පිළිබඳව රෑපවාහිනී සහ සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාල මේමස්, කාටූන් සහ විහිළු ගලායාම සිදුවීමෙන් පසු මෙම පියවර පසුබෑමකට ලක්ව ඇති අතර දැන් එය අත්හැර දැමිමට කටයුතු සැලැසී ඇත. දැන් ඉන්දියාවේ ගව වැළඳගැනීමේ දිනය ආපසු වැලන්ටයින්ටම සින්න වී තිබේ. හින්දු-ජාතිකවාදී රැල්ලක් මත 2014දී අගමැති නරේන්ද්‍ර මෝදි බලයට පත්වීමෙන් පසුව, මේ සත්වයාද වඩ වඩාත් දේශපාලනීකරණය වී ඇත.