බදාදා මහ පාන්දර පලස්තීන සන්නද්ධ කණ්ඩායම් සහ ඊශ්‍රායල හමුදා අතර ක්ෂණික සටන් විරාමයක් හට ගත්තේය.
මේ අනෝන්‍ය සාමූහික සටන් විරාමය ගාසා තීරය කරා එළැඹුණේ ඊජිප්තු, කටාර් සහ එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ගේ මැදිහත් වීමත් සමගිනි.
හමාස් කණ්ඩායමේ නායක ඉස්මායිල් හනීයේ අදාළ නිලධාරීන් සමඟ අඟහරුවාදා ගාසා තීරයට එල්ලවන ඊශ්‍රායල් ප්‍රහාර අවසන් කිරීම ගැන සාකච්ඡා කරන අතරතුර එදින හවස්වරුවේ ඊශ්‍රායල් ජෙට් යානා සහ යුද ටැංකි මගින් ගාසා තීරයට ප්‍රහාරයක් එල්ල වී තිබුණි. ඒ සමඟ පලස්තීන සටන්කරුවන් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර ඇරුඹීය. මේ ප්‍රහාරයෙන් ඊශ්‍රායල සිරගෙයක දින 87ක් පුරා උපවාසයක යෙදී සිටි කදේර් ආද්නන් නමැති සුප්‍රකට උපවාසකරු මිය ගියේය.
අද්නන්, ඊශ්‍රායලය මගින් 12 වතාවක් අත්අඩංගුවට ගෙන වසර 8කට ආසන්න කාලයක් චෝදනා රහිතව රඳවාගෙන සිටි අයෙකි. ඔහු 2011 සිට තුන්වතාවක් දීර්ඝ උපවාසයන් මගින් මේ රඳවාගැනීමට එරෙහිව සිය විරෝධය පල කළේය. ඊශ්‍රායලය අල්ලාගත් බටහිර තීරයේ විසූ බේකරිකරුවෙකු වන 45 හැවිරිදි අද්නන් දරුවන් 09 දෙනකුගේ පියෙකි. ඔහුගේ මරණයට විරෝධය සහ ශෝකය පළ කරමින් බටහිර තීරයේ හෙබ්‍රොන් නගරය පුරා කඩ සාප්පු වසා වර්ජනයක් දියත්ව තිබුණි.