බුදුමග යනු අනාගත මග වන අතර එය තිරසාර මාවතක් යැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කියයි. ලොවම බුදුන් වදාළ ධර්මය අනුගමනය කළා නම් දේශගුණ විපර්යාසය වැනි අර්බුදකාරී තත්ත්වයන් හටගන්නට ඉඩ නොතිබූ බවද අගමැතිවරයා පෙන්වා දී තිබුණි.
ගෝලීය බෞද්ධ සමුළුව පසුගියදා නවදිල්ලියේදී පැවැති අතර ඉන්දියාව පසුගිය වසර 9 තුළ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කරමින් කටයුතු කිරීම නිසා විශාල ප්‍රගතියක් ලබා ඇති බව අගමැතිවරයා මගින් පෙන්වා දී තිබුණි.
ලෝකය සතුට පිරි තැනක් බවට පත් කිරීමට නම් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පිළිපැදීම සහ පටු චින්තනය හැරදැමීම කළ යුතු බවත් සැබෑ සතුට පවතින්නේ සාමයෙන් එකට ජීවත්වීම තුළ බවත් ඔහු කියා තිබේ.