2023 මැයි 14 වන ඉරිදා

ඇමෙරිකාවට පැමිණි මුල්ම මානවයන් අතර චීන ජාතිකයෝ!

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 69

අයිස් යුගයේදී සහ ඉන් පසුව ඇමෙරිකාවට පැමිණි මුල්ම මානවයන් අතර චීන ජාතිකයන්ද සිටි බවට නව ජාන අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ස්වදේශික ඇමෙරිකානුවන්ගේ පූර්වගාමී මුතුන්මිත්තන් සයිබීරියාවේ සිට පැමිණි බවට වන මූලාශ්‍රවලට අමතරව චීනයේ උතුරු වෙරළාසන්න ප්‍රජාවද සිටින බවට තම නව සොයාගැනීම්වලින් අනාවරණ වන්නේ යැයි එම වාර්තාව ඉදිරිපත් කළ කණ්ඩායමේ සාමාජික යූ චුන් ලී සඳහන් කර තිබේ. පසුව සංක්‍රමණය වූ, එම පරම්පරාවට අයත් සාමාජිකයන් ජපානයේ පදිංචි වූ බවත්, ඇමරිකාව, චීනය සහ ජපානයෙන් හමු වූ ප්‍රාග් ඓතිහාසික ඊතල සහ හෙල්ලවල සමානකම් දැකිය හැකි බවත් බවත් ඔහු සඳහන් කරයි. වර්තමාන  රුසියාව සහ ඇලස්කාව යා කරන බෙරිං සමුද්‍ර සන්ධියේ පැවති ගොඩබිම් පාලමකින් එගොඩ වූ ප්‍රාග් සයිබීරියානුවන් ස්වදේශික ඇමරිකානුවන්ගේ එකම මුතුන් මිත්තන් බවට මෙතෙක් විශ්වාස කෙරිණි. 

බොලිවියාව, බ්‍රසීලය, චිලී, ඉක්වදෝරය, මෙක්සිකෝව සහ කැලිෆෝනියාව ඇතුළු රටවල ජනාවාස ඇති  කිරීම සඳහා දායක වූ පැරණි පෙළපතකට ආසියාවේ විවිධ ප්‍රජාව සම්බන්ධ බවට 2000 ගණන්වල අගභාගයේ සිට කරන ලද පර් යේෂණවලින් අනාවරණ වී තිබේ.

D4h ලෙස හඳුන්වන මෙම පරම්පරාව මයිටොකොන්ඩ්‍රියල් DNAවල දක්නට ලැබෙන අතර එය මව්වරුන්ට පමණක් උරුම වන හෙයින් මාතෘ පරම්පරාව සොයා ගැනීමට භාවිත කෙරේ.

වසර 10කට අධික කාලයක් පුරා D4h සම්බන්ධයෙන් පර් යේෂණ සිදු කළ කුන්මිං සත්ත්වවිද්‍යා ආයතනය නවීන ඩී.එන්.ඒ. සාම්පල 100,000 සහ ඉතා පැරණි ඩීඑන් ඒ සාම්පල 1500ක් පරීක්ෂා කිරීමෙන් පසු පසුකාලීනව පුද්ගලයන් 216 දෙනෙක් සහ පූර්වයේ 39 දෙනෙක් යුරේෂියාවට ගොඩබැස ඇතැයි අනාවරණ කරගෙන තිබේ. ඒ අනුව සංක්‍රමණ අවස්ථා දෙකක් අනාවරණය කරගෙන ඇති අතර ඉන් පළමුවැන්න මීට වසර 19,500ත් 26,000ත් අතර කාලයකට පෙර හා දෙවැන්න වසර 19,000ත් 11,500ත් අතර කාලයකට පෙර යැයි පර් යේෂකයෝ අනුමාන කරති.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00