2023 මැයි 14 වන ඉරිදා

ස්ත්‍රී අපයෝජන චෝදනාවට ට්‍රම්ප් වැරදිකරු වෙයි

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 85

මාධ්‍යවේදිනියක වන ජීන් කැරල් හට ලිංගික අපයෝජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ. 1996 දී නිව් යෝර්ක් නගරයේ බර්ග්ඩෝෆ් ගුඩ්මන් ඇඟලුම් වෙළෙඳසලක කුටියක් තුළදී ට්‍රම්ප් තමාට පහර දුන් බවටත්, ලිංගික අපයෝජනයට සහ අපහාසයට ලක් කළ බවටත් චෝදනා කරමින් ජීන් කැරල් විසින් මෙම නඩුව ගොනු කර තිබිණි. කැරල් දූෂණයට ලක් වූ බවට කරන ලද ප්‍රකාශය ජූරි සභාව ප්‍රතික්ෂේප කළ අතර ට්‍රම්ප් විසින් ඇය ලිංගික අපයෝජනය ලක් කළ බවට හා චෝදනා ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු ඇයව අපකීර්තියට පත් කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු යැයි ප්‍රකාශ කර තිබේ ඒ හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට මිලියන පහක වන්දියක් ගෙවීමට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු විභාගයට පැමිණ නොසිටි අතර  තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමඟ ඔහු තම සමාජ මාධ්‍ය වෙබ් අඩවියේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, තමා කිසි දිනෙක කැරල්ව එම වෙළෙඳසළේදී හමු නොවූ බවත්, ඇයව නොදන්නා බවත්ය. ඔහු ඇයව හැඳින්වූයේ වංචනික සහ අසත්‍ය කතාවක් නිර්මාණය කළ කාන්තාවක ලෙසිනි.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00