ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් පුවත් ආයතනයට අනුයුක්තව, යුක්රේන රුසියානු යුද්ධය පිළිබඳව වාර්තා කරමින් සිටි ඇමෙරිකානු මාධ්‍යවේදියාගේ නඩුව විභාගයට ගැනීම තවත් මාස 3 කින් දීර්ඝ කර තිබේ. චෝදනාව සඳහා වරදකරු වුවහොත් ඔහු වසර 20ක සිරදඬුවමකට යටත් වනු ඇත.
ඔත්තු බැලීමේ චෝදනා මත ඔහු පසුගිය මාර්තු මාසයේදී රුසියානු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබුණි. දෙවැනි ලෝක සංග්රාමයෙන් අනතුරුව ඇතිවූ සීත යුද්ධයෙන් පසු රුසියාව, ඇමෙරිකානු මාධ්‍යවේදියකු ඔත්තු බැලීමේ චෝදනා මත අත්අඩංගුවට පළමු අවස්ථාවයි මේ.
ඇමෙරිකාවේ සී.අයි.ඒ. ආයතනය තමන්ට තොරතුරු සපයන ඔත්තුකරුවන් ලෙස එක්වන්නට යැයි පුටින් විරෝධී රුසියානුවන් අමතා ඉන්ස්ටග්‍රෑම් පුමුඛ සමාජ ජාල ඔස්සේ ප්‍රචාරයක් ගෙන යාමත් සමඟ රුසියාව තුළ ක්‍රියාකාරීව සිටි මේ මාධ්‍යවේදියා ඇතුළු ඇමෙරිකානුවන් දඩයම ඇරුඹිණි.
රුසියාවේදී අත්අඩංගුවට පත් එවාන් ගර්ෂ් කොවිච් නම් මෙම මාධ්‍යවේදියා අගෝස්තු මස 30 වැනිදා දක්වා රඳවා තබාගැනීමට රුසියානු අධිකරණයක් නියෝග කර ඇති බව වාර්තා විය. සිය මාධ්‍යවේදියාට එරෙහිව එල්ල වී ඇති මෙම චෝදනා වෝල් ස්ට්‍රීට් ආයතනය තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර ඇමෙරිකානු බලධාරීන් එවාන් ගර්ෂ් කොවිච් වහාම නිදහස් කරන ලෙස රුසියාවට දැනුම් දී තිබුණි.