2023 මැයි 28 වන ඉරිදා

ඔස්ට්‍රේලියාවේදී මෝදි රජ වෙයි!

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 123

ලබන වසරේ ජාතික මැතිවරණයට තරග කිරීමට සූදානම්ව සිටින ඉන්දියානු අගමැති මෝදි හට රාජකීය පිළිගැනීමක් ඔස්ට්‍රේලියාවේදී හිමිවිය. අගමැති මෝදි වසර නවයකට පසු සිඩ්නි වෙත සිය පළමු සංචාරය ඉකුත්දා සිදු කළේය. ඔහුගේ මේ සංචාරයට ලද උත්කර්ෂවත් පිළිගැනීම හේතුවෙන් මෙය චීනයට එරෙහි නව බල සන්ධානයක පෙළගැස්මක් ලෙස විචාරකයන් පෙන්වා දී තිබේ. 

ඉන්දියාව මෙන්ම තවත් ආසියානු දැවැන්තයකු වන චීනය සමඟ සිය සබඳතා පළුදු වී ඇති අවස්ථාවක ඔස්ට්‍රේලියාව ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ වෙළෙඳපොළ සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට මාන බලමින් සිටියි. මෝදි හට ලැබුණු ඉහළ පෙළේ පිළිගැනීමට එය ප්‍රබල හේතුවකි.

ඔස්ට්‍රේලියා අගමැති ඇල්බනීස්  සිඩ්නි නගරයේ ඔලිම්පික් උද්‍යානයේ විශාල විනෝදාස්වාද මධ්‍යස්ථානයක් වන Qudos Bank Arena හි වේදිකාවේ සිට උණුසුම් ප්‍රකාශයක් කළේ "මම මෙහි වේදිකාවේ සිටිනු අවසන් වරට දුටුවේ ඇමෙරිකානු රොක් තරුව බෲස් ස්ප්‍රින්ග්ස්ටීන්, නමුත් අද  අගමැති මෝදිට ලැබුණු පිළිගැනීම තරම් පිළිගැනීමක් ඔහුට ලැබුණේ නැත,” යි කියමිනි. 

මෝදිගේ ඔස්ට්‍රේලියානු සංචාරය පැමිණෙන්නේ එක්සත් ජනපදය සහ ජපානය ප්‍රමුඛ Quad හි නායකයන් සඳහා සැලසුම් ක‍ළ සමුළුව අසාර්ථක වීම අතරතුරදීය. චීනයේ නැගීම වැළැක්වීමට බටහිර උත්සාහ දරන අතර ඔස්ට්‍රේලියාවද එහි ප්‍රබල භූමිකාවක් රඟයි.

ඒ සඳහා ඔස්ට්‍රේලියාව සැලසුම් කර ඇත්තේ ප්‍රබල ආසියානු වෙළෙඳපොළක් සහිත, නවදිල්ලිය සමඟ ඇති ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීමට සහ ඔවුන්ගේ උපාය මාර්ගික හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමටය.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00