2023 ජුනි 04 වන ඉරිදා

බ්‍රසීලයේ ලූලාගෙන් පොදු මුදල් ඒකකයක්!

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 83

බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා අඟහරුවාදා බ්‍රසීලියාහි දකුණු ඇමරිකානු රාජ්‍ය නායකයින් සමඟ පැවති රැස්වීමකදී කලාපය තුළ පොදු මුදල් ඒකකයක් නිර්මාණය කිරීමට යෝජනා කළේය.

ලූලාගේ යෝජනාවට අනුව ආර්ජන්ටිනාව, බ්‍රසීලය, පැරගුවේ සහ උරුගුවේ යන රටවලින් සමන්විත Mercosur වෙළඳ කණ්ඩායම සඳහා මේ තනි මුදල් ඒකකය අදාළ වනු ඇත. එයට පොදු මුදල් ඒකකයක් නිර්මාණය කිරීම පිළිබඳ කතා 1991දී මෙම වෙළඳ සහයොගිතා කණ්ඩායම ආරම්භ කළ දා සිට වරින්වර වර්ධනය වී ඇත.

ඔහුගේ ආරම්භක දේශනයේදී, ලූලා ''මුදල් ප්‍රතිපත්තියේ දකුණු ඇමරිකානු අනන්‍යතාවය ශක්තිමත් කිරීමටත්, වඩා හොඳ වන්දි යාන්ත්‍රණ සහ වෙළඳාමක් සඳහාත්, පොදු හවුල් ගනුදෙනු ඒකකයක් නිර්මාණය කිරීම'' සඳහා යෝජනා කළේය.

මේ කලාපීය නායකයින් දකුණු ඇමරිකාවේ පොදු මුදල් ඒකකයක් නිර්මාණය කිරීමේ අදහස ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය නොවේ. කෙසේ වෙතත්, කලාපය පුරා මුදල් ප්‍රතිපත්තිවල ඇති වෙනස්කම් හේතුවෙන් ව්‍යාපෘතිය ඉක්මණින් ආරම්භ කිරීමට ඇති හැකියාව ගැන ආර්ථික විශ්ලේෂකයෝ සැක පහළ කරති.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00