ලොව අඩු ආදායම්ලාභී ජාතීන්ගෙන් බහුතරයක් ණය අර්බුදයක ගිලී සිටින අතර, මෙය ගෝලීයව පැතිර යාමේ භීතිය මතුව තිබෙන බව අල්ජසීරා වාර්තාවක් පෙන්වා දෙයි. එයට අනුව අඩු ආදායම්ලාභී හෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් බහුතරයක් අද සිටින්නේ එක්කෝ දැනටමත් ණය උගුලක හෝ ඒ ආසන්නයේය. මේ අතර, ලෝකයේ විශාල ආර්ථිකයන් දෙක වන එක්සත් ජනපදය සහ චීනයද, ඔවුන්ගේ රාජ්‍ය ණය කොවිඩ් වසංගතයට පෙර තිබුණාට වඩා මට්ටමකට ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ ණය අර්බුදයට වහා විසඳුම් සෙවීමට කටයුතු නොකළහොත් එය නව ආර්ථික වසංගතයක් ලෙස ගෝලීයව පැතිර යා හැකි බවට විශේෂඥයෝ දැනටමත් අනතුරු අඟවා තිබේ.
සැම්බියාව 2020දී COVID-19 හේතුවෙන් ඇද වැටීමෙන් පසු සිය ස්වෛරී ණය පැහැර හරින ලද පළමු අප්‍රිකානු රට බවට පත් විය. පසුව පැරීසියේදී, චීනය සහ බටහිර ජාතීන් ඇතුළු එහි විශාලතම ණය දෙන්නන් G20 සමුළුවේ මෙහෙයවීම යටතේ සැම්බියාවේ ඩොලර් බිලියන 6.3ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ විය.
දැන් සැම්බියාව වැනි ණය ප්‍රතිව්‍යුහගත කිරීම් අපේක්ෂා කරන රටවල පෝලිම වර්ධනය වෙමින් පවතී. සැම්බියාවෙන් වසර දෙකකට පසු ඝානාව සහ ශ්‍රී ලංකාව 2022දී ඔවුන්ගේ විදේශ ණය කපා හරින්නට ක්‍රියාකරන ලදී. පාකිස්ථානය සහ ඊජිප්තුව බංකොලොත් භාවය අද්දර සිටී. ජූනි 30 වැනිදා, පකිස්ථානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග කතාබහකින් තාවකාලිකව ඩොලර් බිලියන 3ක ගනුදෙනුවක් ලබා ගත්තේය.
ආර්ථික විද්‍යාඥයින් සහ ණය කළමනාකරණ විශේෂඥයින් පවසන්නේ ඌන සංවර්ධිත ජාතීන් අතර 1980 ගණන්වල ඇතිවූ ලෝක ණය අර්බුදය වැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා සහ වේගවත් ආර්ථික ප්‍රකෘතියක් සඳහා චීනය සහ පෞද්ගලික අංශයද ඇතුළු නව ණයකරුවන් හඳුන්වාදීමට ධනවත් රටවල් වේගයෙන් ක්‍රියා කළ යුතු බවය.