චෙක් ජාතික සුප්‍රකට ලේඛක මිලාන් කුන්දේරා වයස අවුරුදු 94දී මිය ගියේය. ‘The Unbearable Lightness of Being’ කෘතියේ කතුවරයා වන මිලාන් කුන්දේරා දිගුකලක් රෝගාතුරව සිට ඇත.
කුන්දේරා උපන්නේ 1929 අප්‍රේල් 1 වැනිදා එවකට චෙකොස්ලෝවැකියාවේ Brno නගරයේය. ඔහුගේ පියා ප්‍රසිද්ධ පියානෝ වාදකයෙකි. ප්‍රාග්හි අධ්‍යාපනය ලැබූ ඔහු, ප්‍රංශ කවියෙකු වූ Apollinaire පරිවර්තනය කර පසුව තමන්ගේම වූ කවි ලිවීය. ඔහු 1953 සිට නවකතා සහ නාට්‍ය රචනා කළේය. කුන්දේරාගේ පළමු නවකතාව වන “ද ජෝක්” 1967දී ප්‍රකාශයට පත්කරන ලද අතර ඒකපාර්ශ්වික රාජ්‍යයක් පිළිබඳ අඳුරු හාස්‍ය කෘතියක් වූ එය හේතුවෙන් චෙකොස්ලෝවැකියාව තුළ ඔහුගේ ලිවීම තහනම් කිරීමට හේතු විය. නමුත් ඒ හේතුවෙන්ම ඔහු වෙත ප්‍රසිද්ධිය ළඟා විය.
1975දී ඔහු සහ ඔහුගේ බිරිඳ වේරා ප්‍රංශයට පිටුවහල් කළ අතර එහිදී ඔහු රෙන්ස් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙකු ලෙස වසර හතරක් සේවය කළේය. 1979 දී ඔවුන්ගේ චෙක් ජාතිකත්වය ඉවත් කරන ලදී. 1981 දී ඔහුට ප්‍රංශ පුරවැසිභාවය ලැබිණි. කොමියුනිස්ට් පාලන තන්ත්රයකට කොටු වූ කවියෙකු ගැන කියැවෙන චෙක්රට පාදක කර ලියැවුණු “ජීවිතය අන් තැනක” “Life is Elsewhere” (1973) වැනි ඔහුගේ නවකතාවල පරිවර්තන පළ වීමත් සමඟ ලොවපුරා ඔහුගේ කීර්තිය හා සාර්ථකත්වය වර්ධනය විය. 2019දී චෙක් ජනරජය ඔහුගේ ජාතිකත්වය නැවත ප්‍රතිෂ්ඨාපනය කළ අතර 2023දී ඔහුගේ උපන් ගම වන බර්නෝ හි “මිලාන් කුන්දේරා පුස්තකාලය'' විවෘත කැරිණි.