2023 ජුලි 15 වන සෙනසුරාදා

ලෝක පාලනය රොබෝවරුන්ට! ප්‍රථම රොබෝ සමුළුව ජිනීවාහිදී

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 108

රොබෝවරුන් ලෝකය පාලනය කිරීම පිළිබඳ අදහස තවමත් විද්‍යා ප්‍රබන්ධයක් සේ පෙනෙන්නට පුළුවන. නමුත් කෘත්‍රිම බුද්ධිය (AI) මගින් පෘථිවිය පාලනය කළ හැකි බව සහ රොබෝවරු මිනිසුන්ට වඩා හොඳින් ඒ කාර්යය සිදුකරනු ඇතැයි මානවරූපී රොබෝවක් වන ‘සොෆියා' අනතුරු අඟවා ඇත.

ලොවට නායකත්වය දෙන මිනිසුන්ට මෙන් හොඳම තීරණ ගැනීම සඳහා බාධකයන් වන පක්ෂග්‍රාහී හෝ හැඟීම්බර වීම හෝ වැනි බාධාවක් රොබෝවරුන්ට නොමැති බව 'සොෆියා' අවධාරණය කළාය. මානව නායකයින්ට වඩා හොඳම තීන්දුව ගැනීම සඳහා ඉහළ කාර්යක්ෂමතාවයකින් විශාල දත්ත ප්‍රමාණයක් ඉක්මනින් සැකසීමට මානුෂීය රොබෝවරුන්ට ඇති හැකියාව නිසා රොබෝවරු මිනිසුන්ට වඩා හොඳින් පෘථිවිය පාලනය    සිදුකරනු ඇතැයි පසුගිය සතියේ ජිනීවාහි පැවති මානවරූපී රොබෝ යන්ත්‍ර 50කට වැඩි ප්‍රමාණයක් සහභාගී වූ ලොව ප්‍රථම මානව-රොබෝ සමුළුව වන “AI for Good Global Summit'' අමතමින් ඇය කියා තිබේ.

AI බලය තුළින් ලෝකය යහපත් අතට වෙනස් කළ හැකි බව අවධාරණය කිරිම සඳහා මෙහෙයුමක් ලෙස පැවැති මේ සමුළුවේදී ලොවපුරා දරිද්‍රතාවයට සහ අසමානතාවයට එරෙහිව ගත හැකි පියවර ගැන පවා බොහෝ රොබෝවරු තමන්ගේම වූ අමුතු අදහස් ඉදිරිපත් කර තිබුණි.

නවීනතම හැකියාවන් සහිත තවත් රොබෝවන් 7 දෙනකු සමඟ ඇය මේ සමුළුවේ ප්‍රධානත්වය දැරූ අතර ලොව ප්‍රථම විධායක නිලධාරි රොබෝව වන මීකා - Mika, රොබෝ පොප් ගායිකා ඩෙස්ඩිමොනා මෙන්ම ඇස් ඉඟිමැරීම වැනි මිනිස් මුහුණේ සංකීර්ණ ඉරියව් පවා සිදුකළ හැකි ඇමෙකා - Ameca ද මේ සමුළුවේදී ඇය හා එක්ව අදහස් දක්වා තිබුණි.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00